විග්නේෂ්වරන් ගේ ජාතිවාදී කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවතට

නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු කතානායක ධුරයට පත් මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ අවස්ථාවේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කතානායකවරයා තීන්දු කර ඇතැයි වාර්තා වෙයි .

කිසිසේත්ම එම වැදගත් අවස්ථාවට සම්බන්ධයක් නොමැතිව ප්‍රකාශයක් කළ විග්නේෂ්වරන් මහතා ලෝකයේ ඉපැරැණිම භාෂාව දෙමළ බස බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජාතිය බවත් ඔවුන්ගේ ස්වයං පාලන අයිතිය පිළිගත යුතු බවත් කියමින් පැවැත්වූ දේශනයට මන්ත්‍රීන් රැසකගේ බලවත් විරෝධය එල්ල විය.

පක්ෂ නායකයන් ට පමණක් කතානායකවරයා ට සුබ පැතීමට අවකාශය ලබා දී තිබූ බැවින් සරත් වීරසේකර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ඇතුළු මෙම කතාව ට පිළිතුරු දීමට සැරසුණු මන්ත්‍රීන් ට නිහඬ වීමට සිදුවිය .එහෙත් ඉන්පසුව මන්ත්‍රීන් හා රජයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ විග්නේෂ්වරන් ගේ කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසය.එම විරෝධය පිළිගෙන ඇති කතානායකවරයා අදාළ කතාව ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි .

Leave a reply: