ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

විජය කලා හෙළි කළ රහසින් යූ.ඇන්.පියට දැඩි විරෝධයක්

එ.ජා.පයේ හිටපු ඇමැතිනි විජය කලා මහේෂ්වරන් විසින් හිටපු කොටි නායක හා හිටපු ඇමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් හෙළි කළ බරපතළ රහසක් හේතුවෙන් විපක්ෂ දේශපාලනය කැළඹී තිබේ .

විජය කලා මහේෂ්වරන් හිටපු ඇමැතිනිය කීවේ සාම සාකච්ඡාවෙන් පසු පැවති ජනාධිපති මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළේ නම් ප්‍රභාකරන් උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබූ බවය.එ.ජා.ප හිතවාදී පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකදී ඇය තවදුරටත් කියා තිබුණේ උතුරු නැගෙනහිර ට නැවතත් කොටි පාලනය අවශ්‍ය බවය.උතුරට දේශපාලන විසඳුමක් ලබා දීමට අවශ්‍ය නම් පොලිස් බලතල සහිත ෆෙඩරල් පාලනයක් අවශ්‍යයැයි ද ඇය සඳහන් කළාය .

යුද ජයග්‍රහණයෙන් 11 වසරකට පසු විජය කලා මෙලෙස හෙළිදරව් කළ රහස හේතුවෙන් එකල අගමැති පදවිය දැරූ රනිල් ද ,දැන් සමගි ජනබලවේගය ලෙස බෙදී වෙන්වී සිටින ඔහුගේ සහචරයන්ටද දැඩි සමාජ විරෝධයක් මතුවෙමින් තිබේ .

රට පාවා දී හෝ පාලන බලය ලබා ගැනීමට ඔවුන් කළ උත්සාහය ගැන ත්‍රෛනිකායික සංඝ සභාව විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා විය.සජිත් ප්‍රේමදාස ගේ පියා කොටි සංවිධානය ට අවි ආයුධ හා මුදල් පරිත්‍යාග කළ අතර රනිල් ප්‍රභාකරන් ට ආණ්ඩුකාර පදවිය ලබා දීමට තීන්දු කිරීම හේතුවෙන් රනිල් පිල හා සජිත් පිල යන කණ්ඩායම් දෙකේම අරමුණ පැහැදිලි වන බව දේශ හිතෛෂී ජනතා ව්‍යාපාරය ද ප්‍රකාශ කර ඇත .තමන් ත්‍රස්තවාදයට විරුද්ධ බව කියන සජිත් ප්‍රේමදාස ගේ පිල සමඟ පාස්කු බෝම්බ ප්‍රහාරයේ චූදිත පක්ෂ නායකයන් සිටීමද ඔහුට බලවත් අවාසියක් වී තිබේ .

Leave a reply: