විජේදාස පච වෙයි. රිෂාඩ් බදුර්දීන් කොටුවෙයි.

රජයේ ආරක්ෂක අංශ හෑල්ලුවට ලක් කරමින් දෙහිවල ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටි රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා අද අලුයම රහස් පොලීසිය හා රාජ්‍ය බුද්ධි අංශය එක්ව සැලසුම් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගනු ලැබීය .තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් නිකුත් කර තිබූ රිෂාඩ් ගේ පෙත්සම් විභාගය හෙට දින සිදුකිරීමට නියමිතව තිබුණි .ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා රිෂාඩ් බදුර්දීන් සැඟවී සිටින තැන ආණ්ඩුවේ ලොක්කන් දන්නා බවට අභූත චෝදනාවක් ද නගා තිබුණි .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළේය .අවසානයේ දී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය බොරු කරමින් රිෂාඩ් අත් අඩංගුවට පත් විය .

රිෂාඩ් බදුර්දීන් දෙහිවල නිවසේ නීති විරෝධි ලෙස සැඟවී සිටීමට නැගෙනහිර සරසවියේ ආචාර්යවරයකු හා වෛද්‍යවරයකු උදව් කර ඇතැයි තහවුරු වී ඇත .එම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳද දෙහිවල නිවසේදීම අත් අඩංගුවට පත් වූ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරයා අත් අඩංගුවට ගැනීමට දැන් මෙහෙයුම් සිදු වෙමින් පවතී.

රුපියල් 25,000 කට වඩා වැඩි පොදු දේපළ වරදකට අත් අඩංගුවට පත්වන තැනැත්තන් ගේ නඩු විභාගය හමාර වන තුරු බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.ඒ අනුව නීතිපතිගේ උපදෙස් මත ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලීසිය පවසයි .

Leave a reply: