විදෙස් තානාපති නිලධාරීන් ගණනාවක් උතුරේ රහස් මෙහෙයුමක

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිමවීමට දින දෙක තුනකට පෙර සිට උතුරට ගොස් ඇති ප්‍රබල විදේශ තානාපති නිලධාරීන් ගණනාවකගේ සැක සහිත ක්‍රියා කලාපයන් ගැන රජයේ අවධානය යොමුව ඇත .

මැතිවරණ පසුබිමේ උතුරට ගොස් සිටින අමෙරිකාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් ගණනාවක තානාපති අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් උතුරේ කිසියම් දේශපාලන මෙහෙයුමක යෙදී සිටින බව රාජ්‍ය බුද්ධි අංශයට වාර්තා වී තිබේ .

උතුරේ දේශපාලඥයන් හා ජන්ද දායකයින් මෙන්ම ආගමික හා සමාජ නායකයන් ද හමුවෙමින් ඔවුන් හෝටල්වල නතරව සිටිති.මැතිවරණ කොමිසම හා ආරක්ෂක අංශ විසින් නීතිගරුක ලෙස ජන්ද කටයුතු සංවිධානය කර තිබියදීත් තානාපති අංශ තමන් ගේ විෂය පථය ට අයත් නොවන කාර්‍යන්හි යෙදීම ගැන රජය දැන් විමසිල්ලෙන් පසුවෙයි .

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති පාලන කාලයේ මෙරට සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මහ මැතිවරණ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම නිසා ඔහු මෙරට මහ කොමසාරිස් ධුරයෙන් නෙරපා හැරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියා කළේය .

Leave a reply: