කොරෝනා වසංගතය පැතිරුණ බටහිර හා මැදපෙරදිග රටවල සිටි 73,000 ක් දෙනා මේ සතිය වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් බව විදේශ අමාත්‍යාංශය පවසයි .
මේ දිනවලත් නිරෝධායන හා රෝහල් පහසුකම් අනුව දිනකට ගුවන් යානා එක බැගින් විවිධ රටවල සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන එයි.මෙහිදී මැදපෙරදිග හා යුරෝපය ,ඔස්ට්‍රේලියාව ජපානය ආදී රටවලට මූලිකත්වය දී ඇත .
ඇතැම් මගීන් භාණ්ඩ ප්‍රවාහන යානා වලින් හා කුලී ගුවන් යානා වලින් ද තානාපති අංශ අවසරය ඇතුව පැමිණ තිබේ.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී මූලික ඉල්ලීම ඉදිරිපත් වූයේ 45,000 කගෙන් පමණි .පසුව එම ඉල්ලීම් ලක්ෂය ඉක්මවා ගියේය .දැන් එයින් 73,000:ක් ගෙන්වා අවසන් වී තිබේ .ඉතිරි පිරිසද කඩිනමින් ගෙන්වීම රජයේ අරමුණයි.එහෙත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක නව කොරෝනා වෛරසය පැතිර යන බැවින් එම රටවලින් මගීන් ගෙන ඒම නවතා ඇත .