විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000ක් මෙරටට එන්න අවසර පතයි

විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ලක්ෂ 26කින් 2000 ක් පමණ ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට පැමිණිය හැකිදැයි විදේශ අමාත්‍යංශයෙන් විමසා ඇතැයි වාර්තා වේ .මේ අය සියලු දෙනාම පාහේ විවිධ රටවල අධ්‍යාපනය ට ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.ඔවුහු දැන් තාවකාලික වීසා මත එම රටවල රැදී සිටිති .

මොවුන්ගේ බහුතරය ඉන්දියාව ,බංග්ලාදේශය ,ඔස්ට්‍රේලියාව ,මහා බ්‍රිතාන්‍ය ,ප්‍රංශය ,ජර්මනිය ,ස්විට්සර්ලන්තය,ඇමෙරිකාව,ඉතාලිය ආදි රටවල වෙසෙන්නන්‍ ය .මෙම රටවල් ඇතුළු පාලන ප්‍රදේශ 203 ක දැනට කොරෝනා රෝගය පැතිර පවතී.

දකුණු ආසියාවේ ඉන්දියාව ,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් කොරෝනා වසංගතය දැඩි ලෙස පාලනය කරගෙන තිබේ .එසේ නමුත් දැනට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් හා වරායන් කිසිවකින් මගීන්ට රටට පිවිසීමට නොහැකි ය.

එම තහනම දින නියමයක් නොමැති ව පනවා ඇත.ඒ නිසා විදේශ අමාත්‍යංශයෙන් රටට පැමිණීමට අවසර ඉල්ලා ඇති අයට කඩිනමින් මෙරටට පැමිණීමට අවසර නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි .

Leave a reply: