විදේශ විනිමය සම්බන්ධ අනතුර මෙන්න…

පසුගිය 2020 වසරේදී මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ තුනෙන් විදේශ රැකියා ආදායම් හැර ඉතිරි අංශ දෙකම පහත වැටුණද මෙම වසර තුළ සියලුම අංශවලින් උපයා ගන්නා විදේශ විනිමය විශාල වශයෙන් පහත වැටිය හැකි බව ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය, ඩබ්.ඒ විජේවර්ධන ඊයේ (18) ලංකාදීප පුවත්පතට මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබුණි. මෙරටට විදේශ විනිමය ලැබෙන විදේශ රැකියා නියුක්තිය සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායම යන ප්‍රධාන අංශ තුනක් පවතී. එයින් විදේශ රැකියා ආදායම් පමණක් පසුගිය වසරේදී ඉහළ ගොස් තිබේ.

එහෙත් මෙම වසරේදී එම ආදායම් ද විශාල වශයෙන් පහත වැටිය හැකි බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දී ඇත. 2020 වසරේදී එම ආදායම් ඉහළ ගියේ විදේශ රැකියා කරන ලද පිරිස් රැකියා අහිමිවීමෙන් හෝ අදාළ කාලය අවසන් වීමෙන් ආපසු මෙරටට පැමිණීමේදී ඔවුන් ඉපයූ සියලුම ආදායම් මෙරටට ගෙනඒම නිසා බව පැහැදිලි කර දී තිබේ. එහෙත් එම තත්වය මෙම වසරේදී දිගටම නොපවතින බවට හිටපු නියෝජ්‍ය අධිපතිවරයා අනතුරු ඇඟවීමක් කර ඇත.

(Courtesy of adaderanabiz.lk)

Leave a reply: