විධායක ජනාධිපති ක්‍රමය ගැන සජිත් පිලේ බෙදීමක්

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රබල අභ්‍යන්තර බෙදීමක් හටගෙන තිබේ .

චම්පික රණවක ඇතුළු පක්ෂයේ දැඩි මතධාරී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකර දුර්වල නොකළ යුතු බව ය.එහෙත් හර්ෂ ද සිල්වා ඇතුළු ලිබරල් මතවාදීන් පවසන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල හැකිතාක් අඩු කළ යුතු වගයි.මේ ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුපුරුදු ලෙස කිසිදු ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැත .ඔහුත් අනාගතයේ ජනාධිපති ධුරයට තරග කරන බැවින් චම්පික පිලේ හිතවාදීන් තිරය පිටුපස සිට දිරිගන්වන්නේ සජිත් බවද කියැවේ.එබැවින් සජිත් ජනාධිපති ධුරයේ බලතල ගැන කතා නොකර දැන් කතා කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ කවුද ? එයට කතෘවරයෙක් නැත වැනි සිල්ලර කතාය.ව්‍යවස්ථා සංශෝධනයේ හරය උකහාගෙන ඒ ගැන සාධනීය විවේචනයක් හෝ ඉදිරිපත් නොකිරීමට සජිත් පරෙස්සම් වී තිබීම ගැන පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රබල සංවාදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි .

Leave a reply: