විපක්ෂයෙන් අසත්‍ය ප්‍රචාරක බලකායක්.

සමගි ජනබලවේගය පක්ෂයේ මැති ඇමැතින් පිරිසක් එක්ව රජයට එරෙහිව අසත්‍ය සමාජ ගත කිරීම සඳහා බලකායක් ආරම්භ කර තිබේ .හරීන් ප්‍රනාන්දු ,රන්ජන් රාමනායක ,එස්.එම්.මරික්කාර් ,නලින් බණ්ඩාර ,මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු මෙහි ප්‍රධාන සාමාජිකයන්ය .එහි උපදේශකයන් වන්නේ ඉමිතියාස් බාකිර් මාකර් ,කබීර් හෂීම් ,චම්පික රණවක හා ලක්ෂ්මන් කිරිඇල්ල ය.

මේ අය පාර්ලිමේන්තුවේදී ද ඉන් බැහැර ද මාධ්‍ය ඉලක්ක කරගෙන මෙම අසත්‍ය සමාජ ගත කිරීම සිදු කෙරේ .පසුගිය දා මෙතෙක් පාර්ලිමේන්තුවේ විශ්වාසය රැකගත් ඉමිතියාස් බාකිර් මාකර් ප්‍රකාශයක් කරමින් රජයට එරෙහිව ප්‍රවෘත්ති සපයන මාධ්‍යවේදීන් 200 ක ගේ නම් රහස් පොලීසිය ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ කීවේ මෙලෙස අසත්‍ය පැතිරවීමේ ව්‍යාපෘතියේ පියවරක් ලෙසය.මෙම පුවත පදනම් විරහිත අමූලික බොරුවකි.එම බොරුවෙන් ඉමිතියාස් තමන් ගේ කීර්තියද නැතිකර ගත්තේය .

කොරෝනා රෝග ව්‍යාප්තිය මධ්‍යයේ රජය එම රෝගය පාලනය ට පූර්ණ අවධානය දක්වා ඇති මොහොතක කොළඹ ජනතාව උද්ඝෝෂණය කරන්නට පාරට බැස්සවීම වැනි කටයුතු ද විපක්ෂය විසින් සිදු කර ඇත .එයට මරික්කාර් හා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරු සම්බන්ධ බව සොයා ගෙන තිබේ .එහෙත් මේ කිසිදු උද්ඝෝෂණයකින් හෝ විවේචනයකින් පසු නොබා රජය සැලසුම් සහගත ලෙස ක්‍රියා කිරීම නිසා මොවුන්ගේ අසත්‍ය පැතිර වීමේ ව්‍යාපෘතිය තවමත් සාර්ථක වී නැත .

Leave a reply: