විපක්ෂයේ ආතල් කම්මුතුයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය ලංකාවේ මහා දේශපාලන ප්‍රශ්නය බවට පත් කරන්නට තැත් කරන විපක්ෂයට සමීක්ෂණ වාර්තා දෙකකින් කදිම පිළිතුරක් ලබා දී ඇත. එම පිළිතුර ලැබෙන්නේ ආණ්ඩුවේ බුද්ධි අංශය වෙනමත් විද්වත් නිරීක්ෂණ සංවිධානයක් විසින් වෙනමත් පවත්වන ලද ජනමත සමීක්ෂණ දෙකකිනි .

පෙරේදා නිකුත්වූ මෙම සමීක්ෂණ වාර්තා දෙකෙහිම ප්‍රතිඵල බොහෝ දුරට එකහා සමානය. ආණ්ඩුවේ බුද්ධි අංශට අනුව 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මෙරට සමස්ත ජනගහනයෙන් දන්නේ 27%කි.විද්වත් නිරීක්ෂණ සංවිධානයේ දත්ත අනුව 20 ගැන දන්නා සමස්ත ජනගහන ප්‍රමාණය 30% කි.මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ විපක්ෂය මවන ව්‍යවස්ථා බිල්ලා මිත්‍යාවක් බවයි.රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක් මේ ගැන කිසිම දෙයක් දන්නේවත් කිසි උනන්දුවක් දක්වන්නේ නැති බවත් මෙම දත්ත මගින් ප්‍රකාශ වෙයි.

නාගරික සහ අර්ධ නාගරික ආදායම් ඇති හාන්සි පුටු මධ්‍යම පාන්තිකයන්ට නම් 20 හොඳ කටගැස්මකි.

කහටගස්දිගිලිය, අඟුණකොළපැලැස්ස, පදියපැලැල්ල,හෝ පුන්කුඩුතිව් වැනි ගමක මිනිසකුගෙන් 20 ගැන විමසූවොත් ඒ ගැන වොයිස් කට් විරෝධය දක්වන විපක්ෂයේ මරික්කාර්ලාට මනුෂලාට කිරිඇල්ලලාට සහ කබීර්හෂීම්ලාට සැබෑ ජනමතය දැනගත හැකි වනු ඇත. ඒ සමඟම ඔවුන්ගේ සිඟිති ආතල් කම්මුතු වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරයි.

Leave a reply: