ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

විපක්ෂයේ දිනන අපේක්ෂකයන් හය දෙනෙක් මහ රෑ රහස් හමුවක

close up of hand and voting ballot

දැනට විරුද්ධ පක්ෂයෙන් මහ මැතිවරණය තරග කරන ,නියත වශයෙන් මහ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයන් හයදෙනෙක් මෙම සති අන්තයේ කොළඹ බම්බලපිටියේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පොහොට්ටුවේ ප්‍රධානීන් දෙදෙනකු සමඟ ඉතාමත් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි .

මේ අපේක්ෂකයන් හය දෙනා වෙන වෙනම පැමිණ සාකච්ඡාව සිදුකර තිබේ .රාත්‍රි 7 සිට අලුයම 3.30 දක්වා කතා බහ පැවති අතර ඔවුන් මහ මැතිවරණයෙන් පසු රජයට සහාය දීමට කොන්දේසි සහිත කැමැත්ත පල කර ඇතැයි දැනගන්නට ඇත .රජයට 2/3 ක මැති සභා බලය ලබා ගැනීම සඳහා අතිරේක මන්ත්‍රී සහයක් අවශ්‍ය වුවහොත් තමන්ට සහය ලබා දිය හැකි බව ඔවුන් පොහොට්ටුවේ නියෝජිතයන් ට දැනුම් දුන් බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි . ව්‍යවස්ථා සංශෝධනයේදී පක්ෂ මාරුවට ඉඩ කඩ අහුරමින් පනවා තිබෙන නීති රීති වෙනස් කිරීම මොවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇතැයි ද පැවසේ .

මෙම ජන්ද අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ හිටපු මැති ඇමැතින් වෙති .ආණ්ඩුවට එක්වන්නේනම් මෙයින් දෙදෙනෙකු ට නව රජයේ තනතුරු හිමිවීමට ඉඩ තිබෙන බව ද පොහොට්ටු ආරංචි මාර්ග පවසයි .මොවුන්ගෙන් සිව් දෙනෙක්ම නියෝජනය කරන්නේ සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය යි.ඉතිරි දෙදෙනා සුලු පක්ෂ දෙකක පසු පෙළ මන්ත්‍රීන් ය.එ.ජා.ප රනිල් පිලේ කිසිවෙකු මේ අය අතර නොවීම විශේෂයකි .

Leave a reply: