විපක්ෂයේ පුහු විරෝධය නොතකා ජනවරමට අනුව 20 වැනි සංශෝධනය මැති සබයට

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කොටු කිරීම සඳහා පසුගිය රජය විසින් පනවන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා රජයට ලැබුණු දැවැන්ත ජනවරම අනුව අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත .දැනටමත් නීති විශාරදයන්ගේ කමිටුවක් මගින් නව සංශෝධනය කෙටුම්පත් කර තිබේ .

පක්ෂග්‍රාහී කොමිෂන් සභා ,පක්ෂග්‍රාහී අධිකරණ විනිසුරුවරුන් ,පක්ෂග්‍රාහී පොලිස් ප්‍රධානීන් ඇතුළු යහපාලන හිතවතුන් ගේ සුඛ විහරණය සඳහාත් විපක්ෂයෙන් පලිගැනීමට ත් ක්‍රියාත්මක කළ 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී ත් රජයට අති දැවැන්ත ජනවරමක් ලැබුණි.ඒ අනුව නව සංශෝධනය ක්‍රියාවට නැංවේ.විපක්ෂය ට ද එය පාර්ලිමේන්තුව ට ඉදිරිපත් වූ පසු තම අදහස ඉදිරිපත් කළ හැකිය.එසේ නැතිව ජනතාව පාරට බස්සවා මෙම ව්‍යවස්ථා වෙනසට එරෙහි ව්‍යාපාරයක් ගොඩනංවාගෙන සටන් පාඨ වලින් වත්මන් රජයේ තීන්දු ආපසු හැරවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි .දැනටමත් සජිත් පිලේ මන්ත්‍රීන් අට දෙනෙකු ද රජය සමඟ එක්ව නව සංශෝධනයට පක්ෂව ජන්දය දීමට සැරසී සිටින බව වාර්තා වෙයි .

Leave a reply: