විපක්ෂය හතරට කැඩෙයි.

සමගි ජනබලවේගය ප්‍රමුඛ මෙරට ප්‍රධාන විපක්ෂය හතරට කැඩී ඇතැයි වාර්තා වෙයි .සජිත් පිල හෙවත් සමගි ජනබලවේගය ඉන් පළමු කණ්ඩායමයි.දෙවැනි කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ගේ යූ.එන්.පි යයි.තුන් වැනි කණ්ඩායම චම්පික රණවක ගේ 43 කණ්ඩායමය.හතර වැනි කණ්ඩායම කරු ජයසූරිය ඇතුළු පිරිස නායකත්වය දෙන සාධාරණ සමාජ ව්‍යාපාරයයි.එයද ඉදිරි දෙසතිය තුළ ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් බවට පත් කෙරෙති.

මේ හැර දෙමළ සන්ධානය හා මුස්ලිම් පක්ෂ ද ,ජනතා විමුක්ති පෙරමුණ ද විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ අතර වෙයි.ප්‍රධාන විපක්ෂයේ බෙදීම නිසා ප්‍රධාන විපක්ෂය ට ප්‍රසිද්ධියේ උදව් කරන සුලු ජාතික පක්ෂත් රහසේ උදව් කරන ජනතා විමුක්ති පෙරමුණත් පත්ව සිටින්නේ බලවත් අවුලකටය.

සජිත් ප්‍රේමදාස ගේ දුර්වල නායකත්වය මෙන්ම රනිල් වික්‍රමසිංහ ගේ ‘මං පොර’ දේශපාලනය නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ ආකාරයට සීසීකඩ ගොස් ඇත .පවත්නා බෙදීම් හා අරගල නිසා ඔවුන්ට ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙන්නට වෙලාවක් නැත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමට ගොස් ගම සමඟ පිළිසඳර ආරම්භ කරමින් ජනතා ප්‍රශ්න විසඳන්නට පටන් ගත් විට සජිත් ප්‍රේමදාස ද ඒ අනුව යමින් විපක්ෂ ජංගම සේවයක් ආරම්භ කර තිබේ .ඒ හැර ඔවුන් මේතාක් ජනතාව ට කළ දෙයක් නැති බව ඔවුන්ගේ පාක්ෂිකයෝම කියති.

Leave a reply: