ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මව්බිමට කළ ප්‍රකාශය අසත්‍යයි………

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එළැඹෙන සඳුදා (2020.05.04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන ලෙස පසුගියදා විසුරුවන ලද 8 වන පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා හැර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 224ටම මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ඊට අදාල දැනුම්වත් කිරීම සිදු කොට තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම්වරයෙකු විසින් ඉකුත් බදාදා (2020.04.29) දින සවස 5.59ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දී ඒ මහතාටම අදාල පණිවිඩය දැනුම් දී ඇති අතර පසුව කෙටි පණිවිඩයක් (SMS) මඟින් ද අදාල කැදවීම තහවුරු කොට ඇති බව නැවතත් අවධාරණය කරමි.

එම නිසා විපක්ෂ නායකවරයා මව්බිම පුවත්පතට කළ අදහස් දැක්වීමකට අනුව අද (2020.05.01) එම පුවත්පතේ මුල්පිටුවේ “අපිට තවම කැඳවීමක් නෑ” සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය අසත්‍යකි.

ලෝක වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කෝවිඞ් – 19 වෛරසය ලංකාවට බලපා ඇති ආකාරය සහ වෛරසය මර්දනය කර ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්දීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙයි.

Leave a reply: