විස්සට සහාය දෙන විපක්ෂයේ පිරිස මෙන්න

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට සහාය ලබා දීම සඳහා විපක්ෂයේ පක්ෂ හතරක මන්ත්‍රීන් 10 දෙනෙක් පමණ කැමැත්ත පල කර තිබේ .ඒ ගැන අවසන් සාකච්ඡා මේ දිනවල පැවැත්වේ.මෙම මන්ත්‍රීන් සියලු දෙනාම සහාය දෙන්නට හදන්නේ විපක්ෂයේ සිටිමින් මිස පක්ෂ මාරු කර නොවන බව වැඩිදුරටත් දැනගන්නට ඇත .

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පසුපෙළ මන්ත්‍රීන් තිදෙනෙක් ,වතුකර මන්ත්‍රීන් තිදෙනෙක් ,රිෂාඩ් බදුර්දීන් ගේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් දෙදෙනෙක් සහ සජිත් පිලේ මන්ත්‍රීන් දෙදෙනෙක් මේ අය අතර වෙති.එහෙත් සජිත් පිලේ මන්ත්‍රීන් දෙදෙනාගේ සහාය ලබා ගන්නේද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා ,අගමැතිවරයා සහ රජයේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තීන්දු කිරීමට නියමිතය .මෙලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ට සහාය දෙන කිසිදු මන්ත්‍රීවරයෙකු ට ඇමැති තනතුරු හිමි නොවන බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි .

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 150 දෙනාගෙන් කථානායකවරයා හැර ඉතිරි මන්ත්‍රීන්ගෙන් රජයට පක්ෂව ජන්දය ලබා නොදෙන්නේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පමණක් බව වාර්තා වෙයි .ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කළ අන් සියලු මන්ත්‍රීන් රජයට සහාය දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

Leave a reply: