විසිරුණු පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් අගමැති හමුවට

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීන් විශේෂ හමුවක් සදහා අගමැතිවරයා විසින් කැදවා ඇත .කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු රටේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන දේශපාලනඥයින් ට රජය වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මෙම හමුව සංවිධානය කර තිබේ .

ලබන මැයි 4 වැනි සදුදා පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ සභා ශාලාවේ පැවැත්වෙන මෙම විශේෂ මැති ඇමැති හමුව සදහා විසිරී ගිය මැති සබයේ මැති ඇමැතිවරුන් ට මේ වන විටත් ආරාධනා යවමින් සිටින බව අප වෙත වාර්තා වේ .මැති ඇමැතින්ගේ අදහස් උදහස් හා ප්‍රශ්න විමසා ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීම පිණිස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ක්‍රියා කරනු ඇති බව සදහන් ය.

කෙසේ වෙතත් මාර්තු මස 2 වැනිදා විසුරුවා හරින ලද මැති සබය නිල වශයෙන් නැවත කැදවීමක් සිදු නොකරන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ .ඒ සම්බන්ධව නීතිය හමුවේ අභියෝග කිරීමට විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙන බව අප වෙත වාර්තා වේ .

Leave a reply: