ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

විහිලු කතා වලින් සජිත් බන්දු ,ටෙනී,ෆ්‍රෙඩී පරදවයි

මේ දිනවල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ වේදිකාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් කරනු ලබන හාස්‍යජනක ප්‍රකාශ බෙහෙවින් ආන්දෝලනයකට ලක්ව ඇත .දිනපතාම පාහේ ඔහු ජන්ද රැස්වීම්වලදී මෙබඳු හාස්‍යජනක ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන ඇත .මේ සම්බන්ධයෙන් එ.ජා.ප යේ ප්‍රබලයන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට වාර ගණනාවක් අවවාද කර ඇතත් කිසිවෙකුගේ අවවාද පිලිනොගන්නා හෙතෙම හිතුමතේ ක්‍රියා කරන්නට යාමෙන් මැතිවරණ ව්‍යාපාරයේ  අඩක් ගතවන විට ඔහු ජනතාව ඉදිරියේ හාස්‍යජනක විහිලු සපයන්නෙකු බවට පත්ව තිබේ  .
පසුගිය දින කිහිපයේ සජිත් විසින් කරන ලද හාස්‍යජනක ප්‍රකාශ කිහිපයක් මෙහි සදහන්ය .

*   මම රට පුරා ඇති ජනාධිපති මන්දිර වසා දමනවා.ෆ්ලැට් එකේ සිට රාජකාරි කරනවා

*   බොත්තම එබුවම මිඩ් වයිෆ් ගෙදරට එන ක්‍රමයක් ලෑස්ති කරනවා

*    මම සිරිසගබෝ රජු මෙන් හිස දන් දෙනවා .අවශ්‍ය වුනොත් ශරීරයේ අවයව දන්දෙන්නත් සූදානම්

*  මම කටින් කියන දේ විශ්වාස කරන්න .මා ඔබේ දෙපා මුලට පැමිණ දණින් වැටී සේවය කිරීමට සූදානම් ජනතා සේවකයෙක්

*මම කීකරු සුනඛයකු මෙන් ජනතාව හැමවිටම ආරක්ෂා කරනවා

*  රටට ඕනෑ දේ මම දන්නවා .සියලු සැලසුම් මගේ හිතේ තියෙනවා .මගේ තාත්තා ගේ දර්ශනය මම ගෙනියනවා .මගේ ආණ්ඩුවේ වැඩ කිරීමට කාටවත් ලේසි වෙන්නේ නැහැ

Leave a reply: