වෙද්දුන්ගේ ආරවුල.

කොරෝනා වසංගත ය සුව කිරීම සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව වාර්තා වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ට එරෙහිව තවත් වෙදුන් යැයි කියාගන්නා තැනැත්තන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගෙන තිබේ .

ඔහුගේ සුදුසුකම් කවරක් වුවත් ඔහු හැදූ ඖෂධය කොවිඩ් 19 රෝගයට හොඳ ඖෂධයක්දැයි සායනික පරීක්ෂණ කරන්නට රජය සහ ජනාධිපතිවරයා ද තීන්දු කළේය .විෂය භාර අමාත්‍යවරුන් ද ඊට එකඟත්වය පල කර තිබුණි .මේ දක්වා ඒ ගැන කරන ලද පරීක්ෂණ වලින් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇතැයි ද වාර්තා විය .

එසේ තිබියදී කොරෝනාව ට බෙහෙත් හදා ‘පොරවල් ‘ වීමට තැත්කොට අනාථ වූ වෛද්‍යවරුන් යැයි කියාගන්නා තැනැත්තන් කිහිප දෙනෙක් ධම්මික බණ්ඩාර ගේ සොයා ගැනීම හාස්‍යයට ලක් කරමින් පාච්චල් කරන්න ට පටන් ගෙන තිබීම සිංහලයන් ලෙස අපට කනගාටුවට කරුණකි .

ලෝකයම කොරෝනාවෙන් අසරණ වී සිටියදී යමෙක් මෙබඳු දෙයක් කිරීමට උත්සාහ කිරීමත් අගය කළ යුතු මොහොතක එම සොයා ගැනීම කළ තැනැත්තා වලට ඇද දැමීමට යමෙක් කටයුතු කරයි නම් එය ජාතියේ අභාග්‍යයකි.ධම්මික බණ්ඩාර ගේ සුදුසුකම් ගැන කතා කරන උදවිය ද ලේබල් වෙද්දු මිස සැබෑ වැඩකාරයෝ නොවේ.

එබැවින් අප රටේ පිළිගත් වෙද මහත්වරුන් හුණුවටයේ කතාවේ එන රජුගේ වෙදුන් මෙන් නොහැසිරී වැදගත් ලෙස හැසිරීම මේ විපත්තිදායක මොහොතේ ඔවුන්ගේ ගෞරවය පිණිස හේතු වෙයි .තමන්ට ද කොරෝනාව හමුවේ ‘පොරක් ‘ වන්නට අවශ්‍ය නම් ඔවුන් ද කළ යුත්තේ සිය උපරිම ශක්තිය යොදවා යමක් කිරීමට උත්සාහ කිරීමය.එසේ නොකර යමක් කළ තැනැත්තාට නිකම් බුරන්නට යාම රටම ගඳ ගස්සවන වැඩකි.

Leave a reply: