වෙළඳ මාෆියාව ක්‍රියාත්මක වෙයි.හොර රහසේම බඩු මිල ඉහළ දමයි .

කෝවිඩ් 19 වසංගත රෝගය මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගන්නට වත්මන් රජය සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ගත් ක්‍රියාමාර්ග සියල්ල ජාත්‍යන්තරව පවා පැසසුමට ලක් වී තිබේ.එසේ තිබියදීත් රටේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීම සඳහා මෙරට වෙළෙඳ මාෆියාව තිරය පිටුපස සිට හොර රහසේ නැවත ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත.එහි මූලිකත්වය ගෙන ඇත්තේ සහල් වෙළඳාමෙහි අධිපතිත්වය දරන පොලොන්නළොන්නරුව සහල්මෝල්පතියන්ය.

ඔවුන් සහල් මිල ඉහළ දමද්දී පොල් වෙළෙන්දන් එළවළු සහ කුළුබඩු වෙළඳුන් සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යන සමාගම් හොර රහසේම භාණ්ඩ මිල ගණන් හිතුමතේ ඉහළ දමන්නට පටන් ගෙන තිබේ.මෙය පාලනයකින් තොරව සිදුවන බව වෙළඳපොල සමීක්ෂකයෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ජීවන වියදම් කමිටුව ටත් මේ තත්ත්වය වාර්තා වීමෙන් පසු භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට තිබේ. දැනට පිටරටවලින් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව නතර කර ඇතත් ඉදිරියේදී මෙම තත්වය පාලනයකින් තොරව කරගෙන යාමට වෙළඳ මාෆියාව කටයුතු කරන්නේ නම් වහා පිටරටින් භාණ්ඩ ආනයනය කොට මෙරට වෙළෙඳ පොළවල භාණ්ඩ සුලභ කිරීමෙන් බඩු මිල පාලනය කිරීමට රජය සැලසුම් කර තිබේ.මේ සම්බන්ධයෙන් අවසන් නිවේදනය මෙරට වාණිජ සංවිධාන වලට දැනටමත් රජය ලබාදී ඇති අතර ඉදිරි දෙසතිය තුළ තත්ත්වය පාලනය නොවුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටරටවලින් ආනයනය කිරීම සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

Leave a reply: