ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

වෙළෙදුන් විසින් බඩු මිල ඉහළ දැමීම වහා පාලනය කරන්නයැයි රජයෙන් පාරිභෝගික අධිකාරියට නියෝග

හල් සහ එළවළු වෙළෙදුන් හිතුමතේ එකී භාණ්ඩ වල මිල ගණන් ඉහළ දැමීම පවත්නා නීති රීති යටතේ දැඩි ලෙස පාලනය කරන්නයැයි කැබිනට් මණ්ඩලය පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.

පසුගිය සති කිහිපයේ රජය ඉතා විශාල බදු සහන පිරිනමමින් ආහාර ද්‍රව්‍ය ,කිරි පිටි ,පාන් ආදිය වෙනුවෙන් සහන ගණනාවක් ප්‍රදානය කෙරුණි.

එහෙත් ඇතැම් කූට වෙළෙදුන් අධික මිලට සහල් එලවලු අලෙවි කරන්නට පටන් ගෙන තිබේ. අඩු කරන ලද කිරි පිටි පැරණි මිලටම විකුණන අතර ඇතැම් වෙළෙඳ සැල් කිරිපිටි තොග සගවා තිබේ.

පාන් මිල පමණක් රුපියල් 10කින් අඩු වී ඇත .මේ නිසා උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමට පාරිභෝගික ආරක්ෂක නීති දැඩි ලෙස ක්‍රියාවේ යොදවන්නයැයි මේ සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය පාරිභෝගික අධිකාරියට නියම කළේය .ඒ අතර විවෘත වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ගණන් වල සැබෑ තත්ත්වය දැන ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලිකව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගොස් මිල ගණන් විමර්ශනය කළේය .එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වහාම සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කිරීමට වෙළෙදුන් පියවර ගත යුතු බවයි.

Leave a reply: