වෛද්‍ය සංගමයේ අනාවැකි අවුලක්

ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය කොරෝනා ව්‍යාප්තිය ගැන මෙතෙක් පල කළ අනාවැකි සත්‍ය නොවීම ගැන ජනතාව ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ .වෛද්‍ය සංගමය මුලින්ම කීවේ මෙරට පුරවැසියන් 42000 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවයි .එහෙත් එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ සදහන් කළේ එම ගණන 42000ක් පමණ නොව 20000 ක් පමණ විය හැකි බවකි.

රජයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා මෙම තොරතුරු තරයේම ප්‍රතික්ෂේප කර ඇත්තේ එයට කිසිම විද්‍යාත්මක පදනමක් නැති බව කියමිණි .

වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය තවත් අනාවැකියක් පල කරමින් මුලින් සදහන් කළේ අප්‍රේල් මස 7 වැනි දින වන විට මෙරට කොරෝනා රෝගය පැතිරීම උත්සන්න වන බවයි .පසුව එම දිනය අප්‍රේල් 17 දක්වා වෙනස් කළේය .

එහෙත් ඔවුන්ගේ අනාවැකි සත්‍ය වන බවක් නොපෙනේ .

රජය කොරෝනා රෝගය දැඩි ලෙස පාලනය කර තිබෙන නිසා වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ දැන් අලුත් කතාවක් කියන්නට පටන් ගෙන ඇත .ඒ අනුව ඔහු දැන් පවසන්නේ මැයි මස මුල් සතිය වන විට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තිය උග්‍ර තත්ත්වයට පත් වන බවයි .

ඔවුන්ගේ මුල් අනාවැකි වැරදී ගොස් තිබියදී ජනතාව බියට පත්වන මෙබඳු අනාවැකි කියන්නේ කවර පදනමකින්දැයි දැන් ඔවුන් රටට පැහැදිලි කළ යුතු කාලය එළඹ ඇත .වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හුදු වෘත්තිය සමිතියක් වුවත් එහි සිටින්නේ විද්වත් දොස්තර මහත්වරුන් බව ජනතාව ගේ විශ්වාසයයි .එබැවින් සැගවුණු න්‍යාය පත්‍ර අනුව නොව සැබෑ තොරතුරු ජනතාව හමුවේ තැබීම ඔවුන්ගේ වගකීම බව මෙරට විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගම් ගණනාවක් ප්‍රකාශ කර ඇත .

Leave a reply: