ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග .

වසර 2013 සහ 2015 අතර කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා දහයක් මිලදී ගැනීමටත් තවත් යානා හතරක් කුලී පදනම යටතේ ලබා ගැනීමටත් තීන්දු කළ අවස්ථාවේ එයාර් බස් සමාගමෙන් අල්ලස් මුදල් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳ වූ වහා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කර ඇත .

හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලද තැනැත්තන් දෙදෙනා වෙයි .මෙම සිද්ධිය සම්බන්ධව මහා බ්‍රිතාන්‍ය පළවන පුවත්පත් ගණනාවක් විසින් කරන ලද හෙලිදරව්වෙන් පසුව වහාම මේ සම්බන්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් නියෝග කළේය. ඒ අනුව අදාළ නිලධාරීන් වහා මේ ගැන මූලික පරීක්ෂණයක් පවත්වා නීතිපති උපදෙස් මත මෙකී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබා ගත්තේය. එම සැකකරු සහ සැකකාරිය අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙම අල්ලස් සිද්ධියේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 16.4 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් අත්තිකාරම් ලෙස ලබා ගැනීම ඔවුනට එල්ල වී ඇති චෝදනාවයි. බෘෘනායි රාජ්‍යයේ පිහිටි බැංකුවක ස්ථාපිත කර තිබෙන ව්‍යාජ ගිණුමක් ඔස්සේ මුදල් විශුද්ධිකරණය ඔවුන්ට එල්ල වී ඇති තවත් චෝදනාවකි .

Leave a reply: