ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ශ්‍රීලන්කන් ගුවන් ගමන් නවතියි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි තැනැත්තන් 350 කට වැඩි පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමඟ විදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත් හිටුවීමට රජය තීන්දු කර ඇත .අප වෙත වාර්තා වෙන ආකාරයට මෙම මස 14 වැනි දින සිට ගුවන් ගමන් අත් හිටුවීමට සිදුවේ.ශ්‍රී ලංකන් ගුවන් යානා ලොව පුරා රටවල් 48 කට පිටත් කර යවා ඒවායේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 16500 ක් පමණ අද (සෙනසුරාදා )වන විට මෙරටට ගෙන්වා ඇත .එහෙත් විදේශ වලින් එන සෑහෙන පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී තිබේ .මොවුන් පැමිණි පසු නිරෝධායන මධ්‍යස්ථානවල සහ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ අය රඳවා අවශ්‍ය ප්‍රතිකාර කෙරේ .අප රටේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ කඩ ඇත්තේ 6500කට පමණි .

එම සංඛ්‍යාව මේ සතියේ පිරී ගියේ කන්දකාඩු රෝගීන් ගේ ආශ්‍රිතයන් හා බන්ධනාගාරවල සිට හමුවූ රෝගීන් ගේ ආශ්‍රිතයන් රඳවා තැබීම නිසාය .මේ හේතුවෙන් ඉදිරි සතියේ ලන්ඩනය,මෙල්බර්න් ,නවදිල්ලිය,සිංගප්පූරුව ,මාලදිවයින ,බංග්ලාදේශය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමේ සැලසුම අවලංගු කෙරිණ .

කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල් විෂබීජහරණය කෙරේ .නැවත ගුවන් ගමන් අරඹන දිනය ඉදිරි දෙසතියෙන් පසුව තීරණය කරනු ඇතැයි වාර්තා වෙයි .කෙසේ වෙතත් අගෝස්තු මාසයේ කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම සිදු නොවනු ඇති බවත් ,එය තවදුරටත් කල් යනු ඇති බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි .

Leave a reply: