ශ්‍රීලනිපය සමඟ ගැටෙන පොහොට්ටු ලොක්කන්ට කැබිනට් කොක්කක් .

පොහොට්ටුව සමඟ සන්ධානගතව මහ මැතිවරණයට තරග කිරීමට සැරසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සතියේ දැඩි විනය කොන්දේසි පනවනු ලැබීය.

විශේෂයෙන්ම පොලොන්නරුව ගම්පහ අනුරාධපුරය ආදී දිස්ත්‍රික්ක වල ශ්‍රී ලනිප ජේෂ්ඨයන් සමඟ පොහොට්ටු ලොක්කන් ඇතිකරගෙන තිබෙන මනාප පොරය වහාම සමථයකට පත්කර ගන්නා ලෙසත් දෙපක්ෂයම එකිනෙකාට පහර දීමෙන් වළකින ලෙසත් ජනපතිවරයා සහ අගමැතිවරයා මෙම පිරිසට අවවාද කර ඇත .

එම දිස්ත්‍රික්ක දෙකෙහි මැතිවරණය මෙහෙයවන ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු වෙත ද රජයේ ප්‍රධානීන් මෙම අවවාදය ලබාදී ඇතැයි අප වෙත වාර්තාවිය.

අද පොහොට්ටුවේ සිටින බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කර ඇති නිසා දෙපක්ෂය සමඟ සුහදව ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඔවුන් හමුවේ අවධාරණය කර තිබේ.මෙම අවවාද නොතකා කිසියම් කෙනෙකු ක්‍රියා කරන්නට ගියහොත් මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව පිහිටුවීමේදී ඔවුනට ලබා දෙන තනතුරු සම්බන්ධව දැඩි තීරණ ගැනීමට සිදුවන බව සිටින දෙපක්ෂයේම සාමාජිකයන් වෙත ජනපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දුන් බව කොළඹ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

Leave a reply: