ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් සුවය ලබයි

දකුණු ආසියාවේ සෙසු රටවල් අතර වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සුවවීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අද උදෑසන ප්‍රකාශ කළේය.

මේ වන වන විට වසා දමා සහ හුදකලා කර තිබූ සියලු ගම්මාන විවෘත කර තිබේ.දැනට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පමණි .එම නිසා වැලිසර නාවික කදවුර තාවකාලිකව වසා දමා ඇත.අප්‍රේල් තිස් එක් වැනි දායින් පසු මේ දක්වා සමාජයේ වෙනත් කිසිදු ස්ථානයකින් රෝගීන් වාර්තා නොවීම නිසා රටතුළ කොරෝනා රෝගය පාලනය වී ඇතැයි සෞඛ්‍ය බලධරයෝ වැඩිදුරටත් අවධාරණය කරති. කොරෝනාව නිසා මෙරට දැනට සිදුව ඇති මරණ සංඛ්‍යාව නමයක් වුවත් මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසිහත් දෙනකු මේවනවිට කොරෝනා රෝගය නිසා මරණයට පත්වී ඇතැයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි .

තව දුරටත් රෝගීන් වාර්තා වන වැලිසර නාවික හමුදා කඳවුරේ රෝගය පාලනයට තවත් මාසයක් පමණ ගත විය හැකි බව වෛද්‍ය අංශය පුරෝකථනය කර ඇත.එසේ වුවද ඇඳිරිනීතිය යොදවා රෝග පාලනයට ගෙන ඇති පියවර ලිහිල් කිරීමට තවත් දෙසතියක් පමණ බලා සිටීමට සිදුවන බව රජය ප්‍රකාශ කරයි .ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු ඇතැම් ප්‍රදේශවල ජනතාව වගකීමෙන් තොරව හැසිරීම නිසා තවදුරටත් මේ සම්බන්ධව දැඩි පාලනයක් පවත්වාගෙන යා යුතු බවත් මත්පැන් අලෙවිසල් විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී ඇත .

Leave a reply: