ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් ඉන්දීය අගමැතිට හදිසි ලිපියක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට හදිසි ලිපියක් යොමු කර තිබේ .එම ලිපිය මඟින් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලා ඇත්තේ එරට නිපදවන ඔක්ස්ෆර්ඩ් එන්නත සහන මිලකට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ට ලබා දෙන ලෙසය.ඒ සඳහා වන ප්‍රමුඛතා ලේඛනයට ශ්‍රී ලංකාවේ නම මේ වන විටත් ඇතුළත් කර ඇති අතර එන්නත හැකි ඉක්මනින් මේ රටට ගෙන්වා ගැනීම රජයේ අරමුණය.

රජය විසින් පත් කළ විශේෂ එන්නත් කමිටුවේ සභාපති ධුරය දරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මේ ගැන ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ වාර ගණනාවක් සාකච්ඡා කර ඇත .එම සාකච්ඡා බෙහෙවින් සාර්ථක වී තිබේ .

අමෙරිකානු ඩොලර් තුනකට අලෙවි කරන ඔක්ස්ෆර්ඩ් එන්නතින් යම් ප්‍රමාණයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව ට නොමිලයේ ලබා දීම ගැනද සලකා බලමින් සිටින බව දිල්ලියෙන් වාර්තා විය.

මේ සතියේ කොළඹ ට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් සමඟ ජනාධිපතිවරයා හා ලලිත් වීරතුංග මේ ගැන සාකච්ඡා කිරීමෙන් පසුව එන්නත සැපයීමේදී ශ්‍රී ලංකාව ට ප්‍රමුඛතාව ලබා දෙන බව දැනටමත් ප්‍රකාශ කර ඇත .

Leave a reply: