ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසිරිසේන මහතා එම තනතුරින් ඉවත් කර දයාසිරි ජයසේකර හෝ තිලංග සුමතිපාල යන දෙදෙනාගෙන් කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීම ට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර තිබේ .ඒ අනුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව ට සම්බන්ධ මැති ඇමැතිවරුන් නායකත්වයේ වෙනසකට කැමැත්ත පල කෙරෙන ලිපි කිහිපයකට අත්සන් ගැනීමට මොවුන් උත්සාහ දරා ඇත .

ඒ බව ඉව වැටුණූ මෛත්‍රීපාල සිරිසේන හදිසි මධ්‍යම කාරක සභාවක් කැදවා තමන් පක්ෂය හැර නොයන බවට එම කාරක සභිකයින් ලිපියක් ලබා දිය යුතු යැයි නියම කර තිබේ .එම ලිපි වලට බොහෝ දෙනෙක් අත්සන් කර ඇතත් තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා පමණක් ඊට අත්සන් කර නැත .

කවදත් කෙටි මාර්ග වලින් තනතුරු ඩැහැගන්නට මාන බලන තිලංග සුමතිපාල ගේ ක්‍රියා කලාපය මෛත්‍රීපාල සිරිසේන ටද වාර්තා වී ඇති අතර ඔහු පක්ෂයෙන් පන්නා දැමීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි .මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති බරපතළ බල අරගලයක් බව වැඩිදුරටත් දැන ගන්නට තිබේ .

Leave a reply: