ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ගමනකට රහස් සාකච්ඡාවක් අරඹයි

ශ්‍රී .ල.නි.ප .ය ඉදිරි මහ මැතිවරණයට තනිවම තරග කිරීම වඩා වාසිදායකදැයි තීන්දු කිරීමට රහස් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ .හිටපු ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී .ල.නි.ප නායකයා වන බැවින් ඔහුට පොහොට්ටුව ළකුණින් මහ මැතිවරණයට තරග කිරීමට නොහැකි නිසා ශ්‍රී .ල.නි.ප .ය වෙනම තරග කොට පසුව රජයට එක් විය යුතු යැයි ඒ සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කළ ප්‍රබලයෝ ප්‍රකාශ කර තිබේ .

එහෙත් නිමල් සිරිපාල ,මහින්ද අමරවීර ,ඇතුළු ප්‍රධානින් මෙම තීරණයට එකග වී නැත .ඔවුන් කියා ඇත්තේ කලින් යෝජනා කළ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් පොහොට්ටුව හා එක්ව ඉදිරි මහ මැතිවරණය තරග කිරීම වාසිදායක බවයි .

දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් මෙහිදී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව වාර්තා වේ .නමුත් සිරිසේන පාර්ශ්වයේ සමහරුන් ශ්‍රී .ල.නි.ප .ය තනිව යා යුතු යැයිද එමගින් ඇමැතිකම් සදහා කේවල් කිරීමේ හැකියාව වැඩිවන බවද කියා ඇත .එහෙත් ශ්‍රී .ල.නි.ප ය මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත .

Leave a reply: