ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගැටුම් එපා: පොහොට්ටු ලොක්කන් ට අවවාද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ අනවශ්‍ය ලෙස ආරවුල්වලට නොයන්නයැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානීන් සිය ජන්ද අපේක්ෂකයන් ට දැනුම් දී තිබේ .

පසුගිය කාලයේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැනත් ,මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ගැනත් කරන ලද විවිධ සැර ප්‍රකාශ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රධානීන් ට පැමිණිලි රැසක් ලැබී තිබුණි .ඒ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුව ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ට අදාළ කරුණ ගැන උපදෙස් දී තිබේ .

මෙතෙක් කල් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව විවිධ සැර ප්‍රකාශ නිකුත් කළේය .එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා පොළොන්නරුව ට පැමිණි අවස්ථාවේ සියලු දෙනාම ජනාධිපතිවරයා විසින් එකම කෑම මේසය ට ගෙන්වා සාකච්ඡා කර රොෂාන් සහ මෛත්‍රී අතර සුහදතාව ඇති කර ප්‍රශ්න සමථයකට පත් කර තිබේ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පොහොට්ටුව සමඟ සන්ධානගත වී ජන්දය ඉල්ලන නිසා ඔවුන්ට අහිතකර ප්‍රකාශ නොකරන්නේයැයි ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසට දන්වා ඇත්තේ පොළොන්නරු සිද්ධිය සමථයකට පත් කිරීමෙන් පසුවය .

Leave a reply: