ශ්‍රී ලංකා සංචාරයේ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර ධුරයට රාහුල් ඩ්‍රාවිඩ් පත් කෙරේ

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබේ.

ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපති සරොව් ගංගුලි විසින් ඒ පිළිබඳව තහවුරු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය කණ්ඩායම ලබන ජුලි මාසයේදී එක්දින සහ විස්සයි 20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

එහිදී එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට හිමිවී තිබේ.

(Courtesy of adaderana.lk)

Leave a reply: