ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් නව අරමුදල් ප‍්‍රදානයක්

රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප‍්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත.

ශ‍්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති ප‍්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60න් ඉහළ වැඩිහිටි ජනගහනය ඇතුළු ප‍්‍රමුඛතාකරණය කරන ලද කණ්ඩායම්වලට වසංගතයට එරෙහි එන්නත්කරණය හඳුන්වා දෙමින් සිටී.

”කොවිඞ්-19 වසංගතයට එරෙහිව අප කරන ඒකාබද්ධ සටනේ දී යුනිසෙෆ් සංවිධානය හරහා ශ‍්‍රී ලංකාවට හදිසි ප‍්‍රදාන සහාය සම්පාදනය කිරීමට අවස්ථාව ලැබීම ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වන අපට විශාල ගෞරවයක්. ශීතාගාර දාම උපකරණ සහ අදාළ තාක්ෂණික සහාය ප‍්‍රසම්පාදනය කිරීම නිසා රට පුරා සෑම තැනක ම එන්නත්කරණය වෙත සාධාරණ ප‍්‍රවේශයක් පවත්නා බව සහ එන්නත්කරණ කටයුතු කඩිනමින් සිදු වන බව සහතික වනු ඇතැයි අපි විශ්වාස කරනවා,” ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා පැවසුවේ ය.

ජපානයෙන් ලැබුණු මෙම නව, කාලීන දායකත්වය පහසුවෙන් ඇතුළු විය හැකි විශාල ශීත කාමර, අයිස් ආස්තරණය සහිත ශීතකරණ හා එන්නත් ප‍්‍රවාහන ආම්පන්න ඇතුළු ශීතගාර දාම උපකරණ ප‍්‍රසම්පාදනය කිරීම සඳහා යොදා ගැනෙනු ඇත. මීට අමතරව මෙම ප‍්‍රදානය සියලූ දිස්ත‍්‍රික්කවල ශීතාගාර දාම උපකරණ ක‍්‍රියා කරවීම හා නඩත්තු කිරීම, සාර්ථක එන්නත් කළමනාකරණය සහ උෂ්ණත්ව නිරීක්ෂණ පද්ධති පුළුල් කිරීම යන කටයුතු සඳහා ද සහාය වනු ඇත.

”කොවිඞ්-19 එන්නත්කරණ සේවාවන් සම්පාදනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව අප දරන ඒකාබද්ධ පරිශ‍්‍රමයන්හි දී ජපාන රජයෙන් ලැබෙන මෙවැනි දායකත්වයන් තීරණාත්මක ලෙස වැදගත් වෙනවා,” යුනිසෙෆ් ශ‍්‍රී ලංකා නියෝජිත එමා බි‍්‍රග්හැම් මහත්මිය පැවසුවා ය.

මාර්තු මාසයේ දී යුනිසෙෆ් සංවිධානය කොවැක්ස් පහසුකම හරහා මාත‍්‍රා 264,000කින් සමන්විත පළමු ‘කොවිඞ් -නිවාරක’ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත් තොගය ශ‍්‍රී ලංකාවට ලබා දුන් අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික එන්නත් සම්පාදන සැලැස්මට අනුකූලව එම එන්නත් ජනතාවට ලබා දෙමින් පවතී.

ජපාන රජයෙන් ලැබුණු මෙම සහාය නිසා එන්නත් ලබා ගැනීම, ගබඩා කිරීම සහ කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහන මහජනතාව අතරට රැුගෙන යාම ද ඇතුළුව සමස්ත ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව මේ වන විට දරමින් සිටින පරිශ‍්‍රමයන් වැඩි දියුණු වනු ඇත.

(Courtesy of Adaderana.lk)

Leave a reply: