ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

සංස්ථා-මණ්ඩලලොකු පුටු වලට සුදුස්සන් පමණයි.

රජයට අයත් සංස්ථා මණ්ඩල අධිකාරි සහ වෙනත් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු පිරවීමේදී එම ප්‍රධාන තනතුරු සඳහා වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ

විශේෂයෙන් ම රාජ්‍ය බැංකු ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය වරාය අධිකාරිය ජල සම්පාදන මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සේවය ටෙලිකොම් සමාගම ආදි ප්‍රධාන පෙළේ ආර්ථික මරමස්ථාන සඳහා මෙම නීතිය දැඩිව ම ක්‍රියාත්මක කෙරේ .මේ හැර ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන් ගේ මනාපය පරිදි සිදු කෙරෙන දේශපාලන පත්වීම් සඳහා ද වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් පමණක් යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ .

ප්‍රධාන පෙළේ ආර්ථිකමය මෙහෙයුම් සිදුකරන යටකී ආර්ථික මර්මස්ථාන වල පාලක මණ්ඩල පත්කිරීමේදී සුදුස්සන් තෝරා ගැනීමට විශේෂ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් සතිඅන්තයේ පත් කරනු ලැබීය .එහි ප්‍රධානත්වය දරන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ලලිත් වීරතුංග මහතාය .

Leave a reply: