සජිත්ගේ සන්ධානය මැතිවරණ කොමසාරිස් පිළිගනී.එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙයි .

සජිත් ප්‍රේමදාසගේ සභාපතිත්වයෙන් සහ රංජිත් මද්දුමබණ්ඩාරගේ ලේකම් ධූරයෙන් යුක්තව පිහිටුවනු ලැබූ සමගි බලවේගය නමැති නව දේශපාලන සන්ධානය මෙම මස හය වෙනිදා සිට පිළිගන්නා බව මැතිවරණ කොමිෂම සජිත් පිලට ඊයේ දැනුම් දුන්නේය .ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය සහ අර්බුදය නව මුහුණුවරක් ගනිමින් පක්ෂය පැහැදිලි ලෙසම දෙකඩ වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.එහෙත් රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු යැයි ඊයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී විශේෂ යෝජනාවක් සම්මත කරගත්තේය එසේ වුව ද සජිත් පිල ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සමගි බලවේගය ලකුණ වන හදවත ලකුණින් ඉදිරි මහ මැතිවරණය තරග කිරීමටය. මේ සම්බන්ධයෙන් රනිල් කණ්ඩායම සහ සජිත් කණ්ඩායම් අතර බලවත් සටනක් ආරම්භ වී තිබේ එම නිසා ඉදිරි මහ මැතිවරණයට බරපතළ අර්බුද මධ්‍යයේ මුහුණදීමට එක්සත් ජාතික පක්ෂයට සිදුව ඇතැයි පැවසේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page