සජිත්ගේ හිරිකිත කතා වලට එජාපයේ ජේෂ්ඨයන්ගේ විරෝධය .

තමන්ගේ ඡන්ද ව්‍යාපාරය අසාර්ථක වීමෙන් කම්පාවට සහ කලබලයට පත් වී සිටින සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ඡන්ද වේදිකාවේ දී ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකරන හිරිකිත කතා වලින් ජනතාවට සංග්‍රහ කරන්නට පටන් ගෙන තිබේ .කාන්තාවන්ගේ මාස් ශුද්ධිය සිදු වන දිනයේ ඇඳ ගැනීම සඳහා සනීපාරක්ශක තුවා සපයන බව ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ සමඟ එජාපයේ ජේෂ්ඨ නායකයෝ මෙම හිරිකිත කතා දේශපාලන වේදිකාවේ දී සිදු නොකරන ලෙස සජිත් ප්‍රේමදාසට දැඩි ලෙස අවවාද කොට තිබේ.

ඒ සමගම පක්ෂ ජේෂ්ඨයන් සජිත් ට අවවාද කර ඇත්තේ දිනපතා ඔහුගේ කතා සම්පාදනයට දායකවන විශේෂඥයන් සජිත් ලනු දී ඇති බවයි .අප වෙත වාර්තා වන ආකාරයට දිනපතා උදෑසන සජිත් ප්‍රේමදාස මුණගැසී ඔහුට එදින කලයුතු කතාව පිළිබඳ පිළිබඳව පිළිබඳ මූලික හැඳින්වීමක් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ මුස්ලිම් මන්ත්‍රීවරයකු සහ සහ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු වන ක්‍රිෂාන්ත කුරේනමැත්තා ය .රටේ ප්‍රායෝගික දේශපාලනය පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා මොවුන් සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කැම්පේන් එක වැටී ඇති නිසා එය ගොඩ ගැනීමට
මෙබඳු යෝජනා ඉදිරිපත් කරමින් සජිත් අමාරුවේ දැමීමට ක්‍රියා කරමින් සිටින බව ද සඳහන් වේ .
සජිත්ගේ මේ හිතුවක්කාර ප්‍රකාශ සම්බන්ධයෙන් කලකිරී සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ වගකීම තමාටත් තමන්ගේ පළපුරුදු අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් පවරන ලෙස සජිත් ප්‍රේමදාස වෙත මේ වන විටත් දැනුම් දී ඇත .එසේ නොකළහොත් ඉදිරියේදී ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය අඩාල වීබරපතළ අර්බුදයක් බවට පත්වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ .

රනිල්ගේ අවවාදයෙන් පසුව පසුගිය බදාදා රැස්වූ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රචාරක කමිටුව සජිත් කතා කරන ආකාරය වෙනස් කිරීම සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ .එම සාකච්ඡාවේදී තීන්දුවක් ගෙන ඇත්තේ මින් ඉදිරියට සජිත් එබඳු කථා කතා ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමටත් රාජපක්ෂවරුන්ට දිගින් දිගටම පහර දීමපමණක් සිදු කිරීමටත් ය .

Leave a reply: