ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

සජිත්ට නායකත්වය නොදී රනිල් විදේශගතවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට නොලැබේ නම් තමන් ඉදිරි මහ මහමැතිවරණය සඳහා පක්ෂයට නායකත්වය ලබා නොදෙන බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා කරන ලද සියලු තර්ජනයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කොට නත්තල් නිවාඩුව සඳහා විදේශ ගතවි.

ඉන්දියාවේ සුන්දර කාශ්මීර ප්‍රදේශයේ සිය නිවාඩුව ගතකිරීම සඳහා පිටත් ව ගිය රනිල් වික්‍රමසිංහ මහතා නැවත මෙරටට පැමිණෙන්නේ මේ මස අවසානයේය. පිටත්ව යාමට පෙර පක්ෂ ජේෂ්ඨයන් හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වය භාර ගැනීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තවමත් සපුරා නැතැයි ප්‍රකාශ කර ඇත. එම නිසා ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන නායකත්ව මණ්ඩලයක් මගින් සිදු කිරීම වඩා යෝග්‍ය බව රනිල් කියා තිබේ. ඒ සඳහා ලබන මස මුල් සතියේ රැස්කරන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවද රනිල් කියා ඇත.

දෙසැම්බර් 31 වැනි දින වන විට පක්ෂයෙහි දැනට තිබෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය අවසන්වන අතර නව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් ලබන මස මුල් සතියේදී පක්ෂ නායකයා විසින් පත් කිරීමට නියමිතය. නව කෘත්‍යාධිකාරි මණ්ඩලය පත්කිරීමේදී දැනට සිටින සජිත් හිතවාදීන් බහුතරයකගේ තනතුරු අහිමි කෙරෙන අතර රනිල් වික්‍රමසිංහ මහතාටහිතවත් පිරිසක් ඒ සඳහා පත්කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි. මෙම තත්ත්වය නිසා සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට තිබෙන අවසන් අවස්ථාව ද අහිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Leave a reply: