සජිත් ගේ ජයග්‍රහණය ස්ථිර බව එ.ජා.ප.ය කියයි

එ.ජා.ප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණය ඉර හද මෙන් ස්ථිරයැයි එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

සති අන්තයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සුජීව සේනසිංහ සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් 50% ජන්ද සීමාව ඉක්මවා ඇති බවයි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සුජීව සේනසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා ගේ ආකර්ෂණීය මැතිවරණ පොරොන්දු කෙරෙහි ජනතා විශ්වාසය ඉහළ ගොස් ඇති බවයි.

ඔහු රටට ලබා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් සිල්ලර පොරොන්දු නොව ජනතා අවශ්‍යතා විධිමත්ව සපිරෙන පොරොන්දු බවත් හෙතෙම පැවසීය.

Leave a reply: