ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ගේ නඩුවට සාක්කි රනිල් පිලෙන් සජිත්ගෙන්- රනිල්ගෙන් හා මෛත්‍රීගෙන් ප්‍රශ්න කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණය ලබන සතියේ මහ මැතිවරණය හමාර වීමත් සමඟ ආරම්භ කෙරේ .ඒ අනුව සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය ගැන සජිත්ගෙන්- ප්‍රශ්න කිරීමක් සිදුවනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය කරන සියලුම ලිඛිත සාක්ෂි එවකට එ.ජා.ප රජයේ ප්‍රබලයෙකු විසින් විමර්ශන අංශ වෙත සපයා දී ඇත .සංස්කෘතික අරමුදල පිහිටුවීමේ මූලික අභිමතාර්ථයන්ට පටහැනිව දූෂිත ලෙස මුදල් වැය කර ඇති ආකාරය සනාථ කෙරෙන සියලු ලිඛිත සාක්ෂි දැන් පොලීසිය සතුව ඇත .

එකල සජිත් විසින් කරන ලද නීති විරෝධි ගනුදෙනු අනුමත කර ගැනීම සඳහා ජනාධිපතිවරණයට දින දෙක තුනකට පෙර සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමක් කැඳවා මෙම වියදම් එම පාලක මණ්ඩලය ලවා අනුමත කරවා ගැනීමට සජිත් ප්‍රේමදාස උත්සාහ කර ඇත .එහෙත් පාලක මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම රනිල් නියෝජනය කළ අකිල විරාජ් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරු ඊට අනුමැතිය දී නැත .රාජපක්ෂ රජයට බරපතළ දූෂණ චෝදනා එල්ල කළ දඹර අමිල හිමියන් ද සජිත් ගේ මෙම නීති විරෝධි ගනුදෙනු අනුමත කර ඇති පාලක මණ්ඩල සාමාජිකයෙකි .

ඒ අනුව මෙම දූෂණය ගැන දඹර අමිල හිමියන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද ප්‍රශ්න කිරීමට පොලීසිය අපේක්ෂා කරන බව වාර්තා වෙයි .

කෙසේ හෝ දැනට කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමක් නොපවත්වා අනුමැතිය ට අදාළ ලිපිය ට සජිත් හිතවාදීන්ගෙන් අත්සන් ලබා ගත් බවය .එහෙත් රනිල් -අකිල මෙන්ම එකල අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ද ඊට අත්සන් කර නැත .එම ලිපිය මේ සමඟ පල කෙරේ .

Leave a reply: