සජිත් ගේ පැය 24 යෝජනාවට ජනපති කාර්‍යාලයේ විරෝධය

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ජනාධිපති කාර්‍යාලය පැය 24 පුරා විවෘත කර තබන බව ප්‍රකාශ කර ඇත .දවසකට සේවා මුර තුනක් යටතේ එහි සේවය පවත්වා ගෙන යන බවද සජිත් කියා තිබේ .මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්‍යාල සේවකයන් දැඩි ලෙස විමතිය පල කරන අතර මෙරට පරිපාලන ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ මෙබඳු හාස්‍යජනක යෝජනා අනුමත කළ නොහැකි බවද ඔවුහු පවසති .

වත්මන් රජයේ අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා වෙළෙඳ ඇමැති ධුරය දැරූ කාලයේ ඔහු සතොස ආයතනය මෙලෙසම පැය 24 පුරා විවෘත කර තැබීය .එහෙත් පාරිභෝගික ජනතාව රාත්‍රි කාලයේ සතොසින් භාණ්ඩ හෝ සේවාවන් ලබා ගැනීම සදහා පැමිණියේ නැත.එබැවින් රවි ගේ රාත්‍රි සතොස ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඔහුට සිදුවිය .සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙවර ඉදිරිපත් කර ඇති පැය 24 ම ජනාධිපති කාර්‍යාලය විවෘත කර තැබීමේ යෝජනාවට අත්වන්නේ ද එම ඉරණමමයැයි ජනාධිපති කාර්‍යාල සේවකයෝ පවසති .

Leave a reply: