සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමගි ජාතික බලවේගය සන්ධානය මැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි කෝටාවක් ලැබිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සජිත් පිලට දැනුම් දී තිබේ .
මෙම සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එම නිසා එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර අපේක්ෂකයන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් ලැබිය යුතු බවත් එම අපේක්ෂකයන් තෝරා ගැනීම නම් කිරීම හා ඔවුන්ගේ විනය පාලන කටයුතු සිදු කරන්නේ එ.ජා.ප මහ ලේකම්වරයා බවත් රනිල් පාර්ශ්වය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත .
මෙම එකගතා අවබෝධතා ගිවිසුමක් මගින් තහවුරු කර ගත යුතු බවද එ.ජා .ප නායකයා සජිත් ප්‍රේමදාස කණ්ඩායමට දැනුම්දී තිබේ. .සන්ධානයට හවුල් වන සුලු පක්ෂ සමඟ වෙනමත් ,එ.ජා .ප ය සමඟ වෙනමත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතු බව එ.ජා .ප නායකයාගේ අදහස බව පැවසේ.