සජිත් ජනාධිපති වෙන්නටත් පෙර අගමැති තෝරන්නට ගොස් ඇණ ගනී

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකිරීමට සජිත් පිල තීරණය කළේය .මේ සම්බන්ධයෙන් සජිත් ගේ නිවෙසෙහි පැවති රහසිගත සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ එ.ජා .ප යේ ප්‍රබලයන් වන කබීර් හෂිම් ,රංජිත් මද්දුම බණ්ඩාර ,තලතා අතුකෝරළ ,ලේක් හවුස්` සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සජිත් ගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු වන ලක්ෂ්මන් ෆොන්සේකා ආදීන්ය .

මෙහිදී එ.ජා .ප අගමැතිවරයා ලෙස නම් ගණනාවක් පිළිබඳ සලකා බලා ඇත .ඇතමුන් චම්පික රණවක ගේ නම යෝජනා කළද බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ ඔහු විශ්වාස කටයුතු පුද්ගලයකු නොවන බවයි .අනතුරුව මංගල සමරවීර ගේ නම සලකා බැලුනි.එහිදී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ මංගල ගේ ප්‍රතිපත්ති තමන්ට නොගැලපෙන බවයි .අවසානයේ සියලු දෙනා එකග වී ඇත්තේ එ .ජා .ප .ප්‍රබලයකු වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමටයි .මෙය රහසක් ලෙස තබා ගත යුතු බව රැස්වීමට සහභාගි වූ සියලු දෙනා පොදු එකගතාවයකට පත්ව ඇත .එහෙත් ඊට සහභාගි වූ වාචාල කටක් ඇති පුද්ගලයෙක් මෙය තැන් තැන්වල ප්‍රකාශ කරන්නට පටන් ගැනීමෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි කියවේ .

Leave a reply: