සජිත් ටෙලිෆෝනයෙන්-රනිල් අලියාගෙන් මහ ජන්දයට

එක්සත් ජාතික පක්ෂයේ වික්‍රමසිංහ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස කණ්ඩායම වශයෙන් පසුගිය ඉරිදා සිට දෙකඩ විය .එදින රාත්‍රි 7.00 ට සිරිකොත මන්දිරයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් පිල හා සජිත් පිල සිය බලය උරගා බලමින් ඉදිරි මහ මැතිවරණයේ වාසිය තම කණ්ඩායමට ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදුනි.එහෙත් පැමිණ සිටි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හැට දෙනාගෙන් සජිත් ප්‍රේමදාස ට සහාය පල කළේ අට දෙනෙක් පමණි .

සජිත් පිල නව සන්ධානයේ ලකුණ ලෙස යෝජනා කළේ හංසයා ළකුණයි.නමුත් රනිල් වික්‍රමසිංහ ඊට එරෙහි විය .බහුතර මත විමසීමේදි සජිත් පරාජයට පත් විය .හංසයා ළකුණ හිමි රවි කරුණානායක එම සළකුණ සජිත්ලාට ලබා දෙන්නේ සන්ධානයේ ලේකම් ධුරය තමන්ට ලැබෙන්නේනම් පමණක්යැයි කොන්දේසියක් ද පැනවීය.එම නිසා දෙපක්ෂය අතර පැවති එකගතාව කඩාකප්පල් විය .

ඉන්පසුව සජිත් තනිවම සමගි ජන බලවේගය නැමැති සන්ධානයෙන් මැතිවරණය තරග කරන බව ප්‍රකාශ කළේය .රනිල් පිල අලියා ළකුණින් සටන් කරන බව සදහන් කර ඇත .මේ අනුව සජිත් පිල අද (සදුදා ) සිය සන්ධානය නෙලුම් පොකුණ රගහලේදී ආරම්භ කළේය .

Leave a reply: