සජිත් ප්‍රේමදාසගේ මිථ්‍යා වැඩ කිඩ.

මෙවර අයවැය විවාදයට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනාව මර්දනය සඳහා සුදුසු එන්නතක් රජය විසින් නොගෙන්වා මිත්‍යාව පසුපස යන බවට චෝදනාවක් නැගී ය .

කදිමය.සජිත්ගේ මෙම කතාව අසා සිටින විට අපට සතර සිනා පහළ වෙයි.ඊට හේතු රාශියකි. ප්‍රේමදාස පවුල තරම් මිත්‍යාව වැළඳ ගත් පවුලක් මෙරට නැත.සජිත්ගේ පියා මිථ්‍යාවේ කප්පිත්තෙකි.ඔහුට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත්වූ කාලයේ කන්‍යාවන් ලවා කිරි කල වලින් නෑවේ ඔහුය. පාර්ලිමේන්තුවේ ආසන වල ඌරුතෙල් ගෑවේද රණසිංහ ප්‍රේමදාසය. අහසේ පායන පුන් සඳ තමන්ගේ ජනාධිපති මහිමය නිසා ලංකාව වගේ වෙලායයි මිථ්‍යාකතා කීවේද මේ රණසිංහ ප්‍රේමදාස මහතා මය. තවත් ඕනෑතරම් කිවයුතු දේ තිබේ. එහෙත් ඒවා කියන්නට ගොස් කාලය නාස්ති කිරීම නිෂ්ඵලය .

එහෙව් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් අලි එලවන මන්තර වේදිකා ගානේ කියන්නේ මිත්‍යාව වෙනුවට විද්‍යාව දන්නා නිසාය . අදටත් හැමදාම උදේට කාර්යාලයට එන්නට පෙර අන්‍යාගමික පූජකවරයෙකු ලවා තමන්ගේ ශරීරය ආශිර්වාද ගන්වා ගන්නේ විද්‍යාව අනුවය. යාල කැලේ කැබලිත්තේ තොවිල් නටා ආණ්ඩු බලය ඉල්ලන්නේද විද්‍යානුකූලවය .එබඳු සජිත් ප්‍රේමදාස මිථ්‍යාව ගැන රජයට අනුශාසනා කරයි.

එලෙස මිථ්‍යාවේ ගැලී සිටින සජිත් ලෝක සෞඛ්‍ය සංවිධානය වත් අනුමත කර නැති එන්නත් මිලට ගෙන අහිංසක මිනිස්සුන්ට විදින්නයයි ආණ්ඩුවට කියයි.මීට පෙර ද සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කොරෝනාවට බෙහෙත් නියම කරන්නට ගොස් හත්පොලේ ගා ගත්තේය.තමන්ගේ කතාවට දයාන් ජයතිලක ලියාදෙන ඉංග්‍රීසි කෑලි දෙක තුනකුත්ඔබා පොරක් වන්නට උත්සාහ කිරීම කතාව නරඹන මැති ඇමතින් තුළ හාස්‍ය දනවයි.

නායකයෙකු ලෙස සරත් ෆොන්සේකාට වත් සම වන්නට නොහැකි සජිත් මහින්ද රාජපක්ෂ නැමැති යෝධ ප්‍රතිරූපය හමුවේ කදෝපැණියෙකි.එම නිසා සජිත් පාර්ලිමේන්තුවේදී නොදන්නා දේ කතා නොකර සිටීම විපක්ෂනායකධූරයේ ගෞරවය පිණිස හේතු වන බව සිහිපත් කර දිය යුතුය .

Leave a reply: