සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය ලබා නොදී රනිල් වික්‍රමසිංහ විදේශ ගත වීමට තීන්දු කරයි .

රනිල් වික්‍රමසිංහ මහතාගේ ද එකඟතාව ඇති ව විපක්ෂ නායක පදවියට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද ඉල්ලා සටනක් පටන් ගෙන තිබේ .ඒ සඳහා ඉතා ඉක්මණින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා තීන්දුවක් ගන්නා ලෙස කර තිබේ සජිත් පිල රනිල්ට බල කර ඇත.

ඒත් කිසිදු හේතුවක් මත සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය දැන්ම පැවරීමේ හැකියාවක්නැතැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය හිතවතුන් සමඟ ප්‍රකාශ කළේය.තමන් මෙම මස 21 දින නත්තල් නිවාඩුව සඳහා දෙසතියක කාලයක් වෙනුවෙන් විදේශ ගත වන බවද රනිල් සිය හිතවතුන් සමග කියා තිබේ .ඊට පෙර කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමක් සිදු නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ සියල්ල අතරතුර මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධව රහස් පොලීසිය දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කියවේ .මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මන්ඩලයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ හෝ කිසිදු අනුමැතියකින් තොරව සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයාට අවශ්‍ය අවශ්‍ය ආකාරයට රජයේ අරමුදල් විවිධ ස්ථානවලට බෙදා දුන් බවට නැගෙන චෝදනාවට ඔහුට පිළිතුරු දීගත නොහැකිව ඇති බව වාර්තාවේ. මෙම මූල්‍ය අපචාරයට අදාළ සියළුම ලිපි ලේඛන මේ වන විටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බැවින් ඒවා රහස් පොලිසියට යොමු කොට පරීක්ෂණ ආරම්භ කිරීම රජයේ සැලැස්ම බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි .ඉදිරි දින කිහිපය තුළ රහස් පොලිසිය මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රශ්න කරනු ඇත.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page