සජිත් ප්‍රේමදාස කඩේ වහයි

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිටකෝට්ටේ පිහිටි සිය පක්ෂ කාර්‍යාලය හදිසියේ වසා දමා ඇත .එහි ස්ථීර සේවය ට වැටුප් මත රදවා ගෙන සිටි පිරිස ට මාසික වැටුප් පවා නොගෙවා සජිත් මෙසේ සිය පක්ෂ කාර්‍යාලය වසා දමා ඇත්තේ කිසිවෙකුටවත් නොදන්වා ය.

මහ මැතිවරණ පසුබිමේ කොරෝනාවට බියෙන් තම නිවසට වී සැගවුණු ජීවිතයක් ගත කරන සජිත් ප්‍රේමදාස මේ දිනවල සිදු කරන්නේ තමන් ම ඇන ගන්නා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පමණි .

නායකයෙකු ලෙස පක්ෂය මෙහෙයවීමට ඇති නොහැකියාව නිසා සජිත් පිලේ බොහෝ ප්‍රබලයන් දැන් ඔහු ගැන කලකිරී සිටිති .සමහරු රනිල් වික්‍රමසිංහ සමග නැවත එක්වීමට පවා සාකච්ඡා කර ඇත .සිය බිරිඳ කියන ආකාරයට පක්ෂ ය මෙහෙයවමින් ,නායකයෙකු ලෙස කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සේවය සැලසීමත් අමතක කර ඇති ඔහුගේ ක්‍රියා කලාපය ගැන කලකිරුනු ඇතැම් පක්ෂ ප්‍රබලයෝ රජය සමග ද සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ .මේ දිනවල සජිත් පිල සිදු කරන්නේ කවුරුන් හෝ හිටපු මන්ත්‍රීවරයෙකු ලවා මාධ්‍ය හමුවක් තැබීම පමණි .කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවට සමගි ජනබලවේගයෙන් කිසිදු මෙහෙවරක් සිදු වන්නේ නැත .

ඒ ගැන සාකච්ඡා කිරීම සදහා එම පක්ෂයේ ප්‍රබලයන් සජිත් ප්‍රේමදාස හමුවීමට උත්සාහ කළද මෙතෙක් ඔහු ඊට අනුමැතිය ලබා දී නැත.ඒ තත්ත්වය නිසා මහත් ඝෝෂාවක් නගමින් නිර්මාණය කළ සජිත් පිල ඉරිතලා යමින් තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති

Leave a reply: