සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද ව්‍යාපාරය විනාශ කළඅයගැන රනිල් වික්‍රමසිංහගෙන් අනාවැකියක්

මෙම ජනාධිපතිවරණයේ නියත පරාජිතයා සජිත් ප්‍රේමදාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා කොළඹ දී ප්‍රකාශ කළේය .

සජිත් ප්‍රේමදාසගේ පරාජයේ මූලික වගකීම ඔහු විසින්ම භාරගත යුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය .ඊට හේතුව ලෙස රනිල් සඳහන් කරන්නේ කිසිවකුගේ උපදෙස් පිළි නොගෙන තමන්ට හිතෙන හිතෙන ආකාරයට ඡන්ද ව්‍යාපාරයේ දී සජිත් ක්‍රියා කිරීමයි .

මේ හැර ආණ්ඩුවේ ඉහළ ඉහළ තනතුරු වලට කෙල හලාගෙන සිටි රාජිත සේනාරත්න චම්පික රණවක සරත් ෆොන්සේකා ආදීන් ආදීන් සජිත් ප්‍රේමදාසටවිශාල හානියක් කළ බව ද කීය .

මේ අය හැරෙන්නට ජලනි ප්‍රේමදාස සජින් වාස් ගුණවර්ධන මර්වින් සිල්වා ආදීන් සජිත්ටවල කැපූ අය හැටියට රනිල් හඳුන්වා දුන්නේ ය .

දැන් මේ සියලු දෙනාගේ කෙරුවාවල් අවසන් බැවින් ලබන සතියේ සිට තමන් නැවතත් එක්සත් ජාතික පක්ෂය පැවති පක්ෂ සංස්කෘතිය අනුව ගොඩනැගීම ආරම්භ කරන බව රනිල් මෙහිදී සඳහන් කර ඇත .

එම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී සජිත් රාජිත චම්පික සරත් ෆොන්සේකා අජිත් පී පෙරේරා හරින් ප්‍රනාන්දු ආදින් ගේ තටු කැපෙන බවද රනිල් මෙහිදී අනාවරණය කර තිබේ .

Leave a reply: