සජිත් ප්‍රේමදාස ගේ නායකත්වය ට පක්ෂය තුළින්ම අභියෝග

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ පක්ෂ නායකත්වය ට එරෙහිව එම පක්ෂයේ ම කණ්ඩායම් ගණනාවක් විසින් අභියෝගයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි .

ඉන් එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ ජාතික හෙල උරුම පක්ෂයේ ප්‍රධානී චම්පික රණවක හිටපු ඇමැතිවරයාය.සජිත් පිලේ හවුල්කාර පක්ෂ ගණනාවක් ද සජිත් ගේ නායකත්වය ට අභියෝගයක් එල්ල කර තිබේ .එසේම සජිත් පිලේ පසු පෙළ මන්ත්‍රීන් පිරිසක් යූ.එන්.පී ජ්‍යෙෂ්ඨයෙකු වන රවී කරුණානායක ගේ ඉල්ලීම අනුව සජිත් ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටී .මෙම කණ්ඩායම් තුනට අමතරව රනිල් වික්‍රමසිංහ ගේ නූල් සූත්තර කණ්ඩායම සජිත් පිලේ අවුලකට මුල පුරා ඇත .

මෙම අර්බුදකාරි තත්ත්වය මධ්‍යයේ යූ.එන්.පි යේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් පිළිබඳ ජනතා ව්‍යාපාරයේ සභාපති පදවියට පත් විය .ඇතැම් එන්.ජී.ඕ ක්‍රියාකාරීන් ගේ අරමුණ සාධාරණ සමාජයක් පිළිබඳ ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමයි.එයට දායක වන ලෙස කරු ජයසූරිය හිතවාදීන් සජිත් පිලේ නායකත්වය ගැන කලකිරී සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට ආරාධනා කර ඇත .ඔවුන් එම ආරාධනය පිලිගතහොත් සජිත් පිලේ සෑහෙන පිරිසක් කරු ජයසූරිය වටා එක්වීම නොවැළැක්විය හැකිය.රටේ සිංහල බෞද්ධ ජනතාව ට සැබෑ නායකත්වයක් දිය හැක්කේ කරු ජයසූරිය ට පමණක් බව ඔවුන් බහුතරයකගේ පිලිගැනීමයි.එබැවින් පොහොට්ටුව ට විකල්පයක් ලෙස කරු ජයසූරිය ඉදිරියට ගෙන ඒම තුළින් සජිත් පිල තවදුරටත් දුර්වල වනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .

Leave a reply: