ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ප්‍රේමදාස ගේ ප්‍රකාශවලට පිළිතුරු නොදීමට ආණ්ඩුව තීන්දු කරයි

රජය හදිසි මහ මැතිවරණයක් නොතබන බව පුන පුනා ප්‍රකාශ කරද්දී පාලු ගෙයි වළං බිදින්නා සේ ආණ්ඩුව හදිසි ජන්දයක් කරන්නට යනවායැයි සිය නිවසේ සිට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජ.වි.පෙ නායක අනුර දිසානායක ගේ ජන්ද කතාවලට පිළිතුරු නොදී නොසලකා හැරීමට රජය තීන්දු කර තිබේ .

කිසිදු ගැඹුරක් හෝ හරයක් නොමැති ‘voice cut ‘ දේශපාලනයක යෙදෙන සජිත් ප්‍රේමදාස කොරෝනා රෝගීන් ට හෝ ඇදිරි නීතියෙන් පීඩාවට පත් ජනතාවට බත් වේලක් කන්නට හෝ මෙතෙක් කිසිදු ආධාරයක් දුන් බව වාර්තා වී නැත .විපක්ෂයේ දුප්පත් මන්ත්‍රීවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම වැන්නන් ඒ අතින් පීඩිත ජනතාවට විශාල සේවයක් කරයි.එසේ තිබියදී සටන් පාඨ හිගයකින් පෙලෙන සජිත් ප්‍රේමදාස බොරු ජන්ද බයක් මවන්නට හදයි.

තමන් ගේ පැවැත්ම උදෙසා මෙබඳු බාල දේශපාලනයක යෙදෙන සජිත් ට වඩා රනිල් වික්‍රමසිංහ මෙම විපතේදී සිය දේශපාලන දැනුම ප්‍රදර්ශනය කර තිබේ .

කොරෝනා වසංගතය මැද්දේ සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් වංචා සහගතව පරිහරණය කිරීම ගැන චෝදනා ලබා සිටින සජිත් ප්‍රේමදාස සම්බන්ධව මෙතෙක් යට ගොස් තිබූ පරීක්ෂණ පොලීසිය දැන් නැවතත් ආරම්භ කර ඇත .එයින් බියට පත්වී සිටින සජිත් ප්‍රේමදාස පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා හඩා වැටී තමන්ට කිසිදු කරදරයක් නොකරන්නයැයි ආයාචනා කර ඇත .

මෙබඳු හරයක් නැති බියසුළු දේශපාලනයක යෙදෙන සජිත් ප්‍රේමදාස සමග නැගිටින්නට හදනවායැයි කියන මැති ඇමැති පිරිසට අබ සරණ යැයි කියනවා හැරෙන්නට වෙනත් කිවයුත්තක් නැත .

Leave a reply: