ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ප්‍රේමදාස ගේ පියා කොටින්ට ලබා දුන් මුදල් හා අවි ආයුධ ලැයිස්තුව එළියට

කරුණා අම්මාන් නැමැති හිටපු කොටි නායකයා ගේ ප්‍රකාශයක් අල්ලාගෙන නිවේදන නිකුත් කරන විපක්ෂය ට අගමැති මහින්ද රාජපක්ෂ හොඳ පිළිතුරක් ලබා දී තිබේ .කරුණා තම අපේක්ෂකයෙකු නොවන බවත් ,ඔහු කලින් එ.ජා.ප.ය සමඟත් පසුව තම රජය සමඟත් සිටි බැවින් කරුණාගේ අතීතය ජනතාව හොඳින්ම දන්නා බවත් සඳහන් කළේය .

එසේ වුවද කොටි සංවිධානය ට අවි ආයුධ හා මුදල් ලබා දී ශක්තිමත් කළේ සජිත් ප්‍රේමදාස ගේ පියා බව පැවසූ මහින්ද ඔහු කොටින්ට ලබා දුන් අවි ආයුධ හා මුදල් තොගයේ ලැයිස්තු අදටත් මුදල් අමාත්‍යාංශය සතුව ඇතැයි පැවසීය .

අගමැතිවරයා ගේ මෙම ප්‍රකාශය ගැන අප වෙබ් අඩවිය කරන ලද විමර්ශනයේදී හෙළිදරව් වූයේ සජිත් ගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1990 වසරේදී කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වූ කාලයේ මාස 12 ක් තුළ මෝටාර් ,කාලතුවක්කු උණ්ඩ ,ස්නයිපර් තුවක්කු ,බෝම්බ ඇතුළු අවි ආයුධ කන්ටේනර් 10ක් කොටි සංවිධානය ට පරිත්‍යාග කර තිබූ බවය .

එසේම සාම සාකච්ඡා පැවති මාස 12 ක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල් මිලියන 360 ක මුදලක් කොටි නායකයා වෙත ප්‍රදානය කළ බව මහා භාණ්ඩාගාරයේ වවුචර්වල සඳහන් වේ.

ඒ වවුචර් පුද්ගලිකව අනුමත කර තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාස විසිනි .ජාතියේ හිත සුව පිණිස වහා කළ යුතු ගෙවීමක් ලෙසින් එම වවුචර පතේ විශේෂ සටහනක් ද යොදා තිබේ .

කොටි සංවිධානය සමඟ සාකච්ඡා කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඔවුන් ට කොළඹ හිල්ටන් හෝටලයේ තට්ටුවක් වෙන් කර දී සුඛෝපභෝගී පහසුකම් ද සපයා තිබුණි .එලෙස ජනාධිපති ප්‍රේමදාස සැපයූ අවි ආයුධ හා මුදල් යොදාගෙන ඒ වන විට දුර්වලව සිටි කොටින් 1990 ජූලි මස සිට හමුදාව ට පහර දුන් අතර පැවති සාම සාකච්ඡා ද ඒ සමඟ බිඳ වැටුණි.

Leave a reply: