ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ප්‍රේමදාස ට අධි චෝදනා

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100 ක් හෙවත් මිලියන 11000ක් අවභාවිත කොට එම අරමුදල බංකොලොත් කළ හිටපු සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට එරෙහිව පොදු දේපල පනත යටතේ කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීති අංශ අපේක්ෂා කරන බව වාර්තා වෙයි .

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය විසින් පත් කළ මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව විසින් එම මුදල් අවභාවිතය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වා තොරතුරු අනාවරණය කර ගෙන ඇත .

මේ වන විට ඊට වගකිවයුත්තා ලෙස හඳුනාගෙන සිටින හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා අදාළ වාර්තා නීතිපති ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට යොමු කර තිබේ .

මෙම චෝදනාවලට පිළිතුරු දුන් සජිත් පිලේ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ තම පක්ෂය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය .එම අරමුදල් සියල්ල සජිත් ලබා දුන්නේ ආගමික ස්ථාන සංවර්ධනයට බවත් ඔහු කීය.ඔවුන් එසේ කීවද පසුගිය රාජපක්ෂ රජය සමයේ රජයේ තීන්දුවක් අනුව සිල් රෙදි බෙදා දීම වරදක් බව කියමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් ට එරෙහිව නඩු පවරා දඬුවම් කළහ .එම නීතිය සජිත් ප්‍රේමදාස ට වලංගු නැතිදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි.

Leave a reply: