ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ප්‍රේමදාස ට පාර්ලිමේන්තු කුලප්පුවක්

මැති සබය විසුරුවා හැර නාම යෝජනා කැදවා තිබියදී ජනාධිපතිවරයා ට පාර්ලිමේන්තුව කැදවීමට කිසිම නීතිමය ඉඩක් නැත .එසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උදේ සවස මාධ්‍ය නිවේදන නිකුත් කරමින් කොරෝනා රෝග මර්දනයට පාර්ලිමේන්තුව කැදවන්නැයි ඝෝෂා කරන්නට පටන් ගෙන තිබේ .දිනකට පාර්ලිමේන්තුව රැස් කිරීම සදහා යන වියදම රුපියල් ලක්ෂ 70 කි.

සජිත් ප්‍රේමදාස කුමක් ප්‍රකාශ කළත් රජය ඉතා හොදින් කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කර ඇත .එසේ තිබියදී රජය ලවා නීති විරෝධීව මැති සබය කැදවා ආණ්ඩුව අමාරුවේ දැමීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සජිත් ප්‍රේමදාස ගේ පාර්ලිමේන්තු කුලප්පු වේ අරමුණ බව එ.ජා .ප යේ ම රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පවසයි .

කෙසේ හෝ කොරෝනා රෝග මර්දනයට තම සියලු අවධානය යොමු කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇත .

Leave a reply: